නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 300 ඉක්මවයි


නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන්සිය ඉක්ම යාම වාර්තාවන බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව  නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා අද 14 පෙරවරු 6.00 වන විට කොවිඩ් 19 ආසාදිතයින් 304ක් වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 123කි. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 33ක් ද, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ආසාදිතයින් 29 ක් ද වාර්තා වේ.  මීට අමතරව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දහයකින් ද රෝගීන් වාර්තා වී ඇත.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles