නුගේගොඩ රැළියට රනිල් නෑ, උදෙන්ම ඉන්දියාවට ගිහින්


හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටින්නීය . මෙම ගුවන් ගමන සදහා ඔවුන් 11/21 දින අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

ඔවුන් 11/21 දින උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.  එසේම 11/21 දින රජයට විරෝධතාවය පළ කිරීම සදහා කොළඹ නුගේගොඩ දී රැළියක් පැවැත්වීමට නියමිතය. මෙම රැළියට එක්සත් ජාතික පක්ෂය එක්වන බව ප්‍රකාශ කර තිබුණි. 



Recommended Articles