නීතිවිරෝධීව ලංකාවේ සිටි විදේශිකයන් 50ක් පිටුවල් කිරීමට යයි


ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , ඒවා  කල් ඉකුත් වූ  පසු ද  නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 04/21 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

චීන ජාතිකයන් 47 දෙනෙකු , මැලේසියානු ජාතිකයන් 02 නෙකු  එක් ඉන්දියානු ජාතිකයෙකු මෙම පිරිසට අයත් වන අතර මොවුන් මීගමුව ප්‍රදේශයේ නිවෙසක රැදී සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු බුද්ධි ඒකකයට ලද තොරතුරු මත , ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් විදේශිකයන් පිරිස මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා තිබෙන අතර , ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය .



Recommended Articles