නීතිවිරෝධීව ගෙන්වූ මෝටර් රථ රේගුව භාරයට


නීතිවිරෝධී ලෙස  මෙරටට ගෙන්වන  ලද සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගුව භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාහන අමතර කොටස් යැයි සඳහන් කර එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ඇති  බහලුමක  තිබී මෙම බෙන්ස්, අවුඩි සහ ෆියට් යන වර්ගවල මෝටර් රථ සොයාගත් බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.



Recommended Articles