නීතිවිරෝධීව ගබඩා කරගෙන තිබූ පෙට්‍රල් ලීටර් 1180ක් හා ඩීසල් ලීටර් 1441ක් අත්අඩංගුවට


නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරිමට එරෙහිව පොලීසිය සිදුකරන වැටලීම්වලට අදාළව ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා පෙට්‍රල් ලීටර් 1180 ක් හා ඩීසල් ලීටර් 1441ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දිවයින පුරා සිදුකළ වැටලීම් 31කදී මෙ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 33කි. 

 



Recommended Articles