නීතිවිරෝධී විදෙස් දුම්වැටි ගෙනා අයකුට සිදුවූ දේ


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

58 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු සතුව තිබුණු විදෙස් දුම්වැටි 12,000 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. 

ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී සිදු කළ වැටලීමකදී අද (17) අලුයම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩි දුර තොරතුරු අනාවරණය වෙයි. (I J)



Recommended Articles