නීතිවිරෝධී මත්පැන් හා ජාවාරම් මුදල් ලක්ෂ 25ක් සමග හතරක් අල්ලයි


මත්තේගොඩ පොලිස් වසමේ මත්තේගොඩ ප්‍රදේශයේදී මත්තේගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත ඊයේ වැටලීමක්  සිදු කර නීති විරෝධි මත්පැන් ලීටර් 101 මිලි ලීටර් 250 ක්,  නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3377 මිලි ලීටර් 500 ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 2,507,740/= සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකරුවන් අවුරුදු 18, 20, 24 සහ 44 වයස්වල පසුවන පන්නිපිටිය, පානදුර සහ දුම්බර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මත්තේගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 



Recommended Articles