නීතිවිරෝධී ගිනි අවි ගැන 1992ට කියන්න


අලි ඇතුන් ඇතුළු වනජීවීන් ඝාතනය කිරීම සඳහා දඩයක්කරුවන් හා විවිධ පුද්ගලයන් සතුව ඇති නීති විරෝධි ගිනි අවි පිළිබඳව තොරතුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි දුරකතන අංක 1992ට දැනුම් දෙන ලෙස මෙරට මහජනතාවගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නීති විරෝධි ගිනි අවි, බඳින කඳන්, සම්බන්ධයෙන් මෙන්ම වනජීවීන් ඉලක්ක කර ගනිමින් හක්ක පටස් හා කම්බි මදු ඇතුළුව විවිධ මර උගුල් අටවන්නන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඉහත සඳහන් කෙටි දුරකතන අංකයට හෝ ළගම පිහිටි වනජීවී කාර්යාලයකට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.

එසේම බදින කඳන් ඇතුළු නීති විරෝධි ගිනි අවි සම්බන්ධයෙන් හා ඒවා නිෂ්පාදනය කරන පිරිස් හා ස්ථාන සම්බන්ධයෙන් තොරතුර දන්නේ නම් ඒ පිළිබඳව   දැනුවත් කරන ලෙසත්, එසේ  ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවද වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

ගොවිතැන් කිරීමේදී සිය වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම තවත් පිරිසක් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙරට නිෂ්පාදිත ගිනි අවි යොදා ගනිමින් වන සතුන් හා අලි ඇතුන් ඝාතනය කිරීම මේ දිනවල බහුලව සිදු කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වර්ෂයේ ගෙවී ගිය මාස කීපය තුළදී වන සතුන් දඩයම් කිරීමට භාවිතා කරන ලද ගිනි අවි 36ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම ගිනි අවි සන්තකයේ තබා ගත් පුද්ගලයන්  අධිකරණය හමුවට පමුණුවා නීතිය ක්‍රියාත්මක කර ඇති බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ශාන් හුලංනුගේ



Recommended Articles