නීතිවිරෝධිව එතනෝල් හා මත්පැන් ප්‍රවාහනය කළ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට


නීතිවිරෝධි ලෙස  එතනෝල් සහ මත්පැන් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පමුණුගම, නුගපෙ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී එතනෝල් මිලිලීටර් 750 බෝතල් 5 ක් සහ මිලිලීටර් 375 මත්පැන් බෝතල් 50 ක්ද සොයාගෙන ඇත.

ඔහු දංකොටුව සුරාබදු කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර  ඔහු මෙම මත්පැන් සහ එතනෝල් තොගය දංකොටුව ප‍්‍රදේශයේ සිට ප‍්‍රවාහනය කර ඇති බවට  මුලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත.



Recommended Articles