නීතියෙන් වරදකරුවන අපේක්ෂකයෙකුගේ ජනපතිධුරය අවලංගු වෙනවා - මැකොස


දූෂණ ක්‍රියාවකට හෝ නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබීම හේතුවෙන් යම් අපේක්ෂකයෙකු ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීම අවලංගු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තේරා පත්කර ගැනීමේ පනතේ 90 වැනි වගන්තයෙන් මේ බව පෙන්වා දී ඇති බවද මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙයි.



Recommended Articles