ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (22දා) නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද ජල තීරය තුළ නීතිය හා සාමය පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා තිබේ.



