නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනේ


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ  2023/2024 වසර සඳහා වන  නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11දා) සිදු කෙරිණි.

මෙහිදී එම සංගමයේ  සභාපති ධුරය සඳහා කෞශල්‍ය නවරත්න සහ ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන් නාම යෝජනා භාරදී තිබේ.

නාමයෝජනා භාරදීමට අද (11දා) දහවල් 12 දක්වා අවස්ථාව ලැබුණු අතර වෙනත් අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වේ.



Recommended Articles