නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට


මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සදහන් කරයි.

ඔවුන් සතුව තිබී යතුරුපැදි 27ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අධික ලෙස ශබ්ද නගමින් යතුරුපැදි ධාවනය කිරීම හේතුවෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිළියන්දල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ දී මෙම වැටලීම සිදුකර ඇත.

 



Recommended Articles