නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි


වලව්වක්  රුපියල් 30,000 ක මාසික කුලී මුදලකට ලබාගෙන එහි පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන්  ස්කාගාරයක් අද (04දා) අලුයම වටලා නීති විරෝධී මත්පැන් , ගෝඩා, ගෑස් සිලින්ඩර , ලිප්, වතුර මෝටර් ඇතුළු  උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව  වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුනායක  ප්‍රදේශයේ පදිංචි 31 සහ 35 වියැති  හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ගනේමුල්ල ප්‍රදේශයේ වලව්ව වටලා බැරල් 15 ක බහා තිබූ ගෝඩා මිලිලීටර්  ලක්ෂ 28 කට ආසන්න  ප්‍රමාණයක් , ස්ප්‍රීතු බෝතල් 90 ක්, ගෑස් සිලින්ඩර 3 ක්, වතුර මෝටරයක් , ගෑස් ලිපක් සහ වට අඩි අටේ තඹ දගරයක් ඇතුළු උපකරණ සොයාගත් බව පොලිසිය කියයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ගනේමුල්ල පොලිසියට භාරදි තිබේ .

පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 



Recommended Articles