නීති විද්‍යාල ගාස්තු ඉහළට


නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වේ.

රුපියල් 6,000ක්ව පැවති පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000ක් දක්වා ඉහළ දමා තිබේ. විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000ක් වේ.

ප්‍රායෝගික පුහුණු පාඨමාලා ගාස්තුව, දේශන,පුස්තකාල ඇතුළු තවත් ගාස්තු රැසක් ඉහළ නංවා තිබේ.



Recommended Articles