නිශාන්ත වික්‍රමසිංහට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න


අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නි​යෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරිණි.



Recommended Articles