නිවාඩුවට ඇමෙරිකාවේ ගෙදරට යන කෙනෙක් ප්‍රභල රටක තානාපති කරලා


තම නිවාඩුව සඳහා ශ්‍රි ලංකාවට නොපැමිණෙන එසේම ශ්‍රි ලංකාවේ අඩියක්වත් නොතබන පුද්ගලයෙක් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රභල රටක ශ්‍රී ලංකාව නියෝජනය කිරිම වෙනුවෙන් තානාපතිවරයෙක් ලෙස පත්කර ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද (28දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම හැරමිටි භාවිතයෙන් ඇවිදින පුද්ගලයන් පවා මේ වන විට තානාපති සේවයට යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.

තම කාලය තුළ දේශපාලන පත්වීම් ලබාදුන්නේ 10කටත් අඩු කාලයක් බවත් සුදුස්සන් තානාපති සේවය සඳහා යොමුකළ බවත් ඔහු පැවැසීය. 



Recommended Articles