නිවාඩුවට ආපු කොරියා රැකියා ලාභීන්ට නැවත කොරියාවට යෑමට විශේෂ ගුවන් යානයක්


දකුණු කොරියාවේ රැකියා නිරතව සිට නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවට පිටත් කර හැරීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම ගුවන් යානය 26 දා මත්තල ගුවන් තොටුපොළින් පිටත්ව යෑමට නියමිතව තිබේ.

දකුණු කොරියාවට යෑමට බලාපොරොත්තු වන අයට නිරෝධායනය අත්‍යාවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



Recommended Articles