නිවාඩු නොලබා යළි සේවයට නාපු රාජ්‍ය නිලධාරින්ට සේවය හැරයාමේ නිවේදන


පසුගිය කොවිඩ් වසංගත සමය තුළ විදේශගතව සිට එම වසංගත තත්වය හේතුවෙන්   විධිමත්ව නිවාඩු  අනුමත කර ගැනීමකින්  තොරව නියමිත දිනට යළි  සේවයට වාර්තා නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට අනුව සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට  රජය තීරණය කරයි.

එමෙන්ම එම වසංගත කාලයේ  විධිමත්ව විදේශ  නිවාඩු ලබා 2020 හා  2021  වර්ෂවල මෙරටට පැමිණීමට නියමිතව තිබී එම වර්ෂ තුළදී හෝ  2022 වර්ෂයේ  මෙරටට  පැමිණ සේවයට වාර්තා කළ  නිලධාරීන්ට  පැමිණීමට  නියමිත දිනයට පසු දිනයන් සඳහා  සුදුසු පරිදි වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ඇතුළු සහන ලබා දීමටද තීරණය කර ඇත.

 අමාත්‍ය මන්ඩලයේ  අනුමැතියද  ලැබී ඇති මෙම තීරණ  අනුව  අදාළ පරිදි සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම සහ සහන ලබාදීම යන  විධි විධාන  ක්‍රියාත්මක කිරීමට   අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වග බලාගත යුතු බව මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්වේ.

(ජේ.ඉඳුරුවගේ)



Recommended Articles