නිවාඩු දවස්වල බැංකුවල ඒ ටී එම් කාඩ්වලින් මුදල් වංචාකරන කල්ලියක්


මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පෞද්ගලික හා රාජ්‍ය බැංකු අසල ගැවසෙමින් ඒ ටි එම් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට සහාය පලකරන කල්ලියක් ඉතා ශුක්ෂමව අන්සතු ගිණුම් වලින් මුදල් පැහැර ගන්නා බව ගණුදෙනු කරුවෝ කියා සිටිති.

සමාජයේ වෙසෙන ඇතැම් වයෝවෘද්ධ කාන්තාවන්,කුඩා දරුවන් මෙන්ම ඇතැම් වැඩිහිටි පිරිස් ද මෙම කල්ලියට හසුවි මුදල් අහිමි කර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

තමන්ට වාසි සහගත පුද්ගලයින් යැයි අනුමාන කරගන්නා පිරිස් පසුපස යමින් බැංකු අසල ඒ ටී එම් යන්ත්‍ර අසලට පැමිණ මුදල් ලබා ගැනීමට උපකාර කරන මුවාවෙන් මෙම වංචාව සිදුවන බව සිද්දියට මුහුණ දුන් පිරිස් කියා සිටියි.

විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහ උප නගර සියල්ලේම සති අග නිවාඩු දිනයන් ඉලක්ක කර සිදුවන මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ගණුදෙනු කරුවන් දැනුවත් විය යුතු බවත් සිය රහස්‍ය අංකය කිසි විටෙකත් වෙනත් පුද්ගලයෙකුට නොදෙන ලෙසත් මේ සම්බන්ධයෙන් කල විමසීම් වල දි මාතලේ ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු පාලකයින් කියා සිටියේය.

නාඋල - ඉන්දික අරුණ කුමාර



Recommended Articles