නිවසේ නිරෝධායනය ගැන නිශ්චිත තිරණයක් නෑ


කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනය කිරිම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තිරණයක් ගෙන නොමැති බව නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

ආසාදිතව වු විට රෝහලට ගෙන යන තෙක් නිවසේ රැදෙන දින 2,3ක කාලය තුළදි කළ යුතු ප්‍රතිකාර සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් මේ දිනවලදි සිදු කෙරෙන බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදි ආසාදිතයින් සියලු දෙනාම නිවසේ සිට ප්‍රතිකාර කරනු ලබන බවට පළ වන පුවත් අසත්‍ය බවත් ඔහු අවධාරණය කළේය.



Recommended Articles