නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට


වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (30) රාත්‍රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබු 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Recommended Articles