නිවසක් ගිනි ගනී, 02ක් රෝහලට


පනාපිටිය , මානන්දූව පාරේ නිවසක  අද (30දා) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි.

නිවසේ විදුලිය විසන්ධි වී ඇති මොහොතේ ඉටිපන්දමක් දල්වා ඇති අතර, මධ්‍යම රාත්‍රි   නැවත විදුලිය ලැබීමෙන් පසු නිවැසියන් නිදාසිටින විට වයෝවෘද්ධ කාන්තාවක සිය හැරමිටිය ආධාරයෙන් පැමිණ ඉටිපන්දම නිවා දැමීමට උත්සාහ දැරීමේදී ඉටිපන්දම අසල තිබූ ඇඳට වැටී ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය කීය.

නිවසේ කාමර දෙකකට ගින්න පැතිර ගොස්  නිවෙස් හිමිකරුගේ මව සහ ලේලිය පිළිස්සීම් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ,නිවෙස් හිමිකරු සහ ඔහුගේ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කීය.

ගින්නෙන් නිවසේ අඩක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර , දේපල වලටද දැඩි හානි සිදුව ඇත.

කළුතර නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් ගේ සහාය ඇතිව  ගින්න පාලනය කර ඇත.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles