නිවසක සඟවා තිබු ආයුධ රැසක් සොයා ගනියි


බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබියදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බෝර 12 ජීව පතුරොම් 6ක්, ටී 56 ජීව පතුරොම් 31ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව පතුරොමක්, වර්ගය හඳුනා නොගත් ජීව පතුරොමක් සහ සුදු යකඩ කිණිස්සක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

 



Recommended Articles