නිල සංචිතය ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළට


2025 වසරේ මාර්තු මාසය අවසන් විට දළ නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහ‍ළ ගිය  
බව මහ බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුම යටතේ සිව්වැනි  වාරිකය ලැබීම හා මහ බැංකුව විසින් මාර්තු මාසය තුළදී දේශ‍ිය විදේශ විනිමය වෙළඳපොලින් සිදුකළ ශුද්ධ මිලදී ගැනීම් (ඇමෙරිකානු ඩොලර් මිලියන 402ක්) මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව පවසයි.

 



Recommended Articles