නිල ඇඳුම් හා පොළපොත් 15දා වන විට බෙදා අවසන්


පාසල් පෙළපොත් හා නිල ඇදුම් බෙදා දීම ලබන 15 දා වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට පාසල් පෙළපොත් 80‍්‍% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත ය.

එසේම පාසල් නිල ඇඳුම්වලින් 85‍%ක ප‍්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් ප‍්‍රමාණය මැයි මස 15 දින වන විට බෙදා අවසන් කිරීමට කටයුතු යොදා ඇත.



Recommended Articles