නිරෝධායනය වූ දෙවැනි කණ්ඩායම පිටත්ව යයි


කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

මෙම දෙවන කණ්ඩායම සඳහා අවශ්‍ය සියලුම ප්‍රවාහන පහසුකම් ද හමුදාව විසින් ලබා දී තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක කාලයක් නිරෝධායනය කරන ලද 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම බස් රථ 11 කින් මාතර, මහනුවර සහ කොළඹ ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් බලා ඊයේ පිටත්ව ගියේය.



Recommended Articles