නිරෝධායනය අවසන් කළ සංඛ්‍යාව 25,826


අද (25) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්තානය පවසයි.

ඒ  නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි පස් දෙනෙකු (25), ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු පුද්ගලයෙකු (01), පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තුන්සිය පස් දෙනෙකු ද (305), දියගම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි දෙනෙකු (20) වශයෙන් වේ.

එසේම, අද (25) දිනය වනවිට පුද්ගලයින් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (25) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,606 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.



Recommended Articles