නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 14966යි


කොවිඩ් 19 සම්බන්ධයෙන් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 153ක් අද දිනයේදී ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධානය මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ වන විට ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 14966ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම නිරෝධානය මධ්‍යස්ථාන 40ක් තුළ පුද්ගලයන් 3370ක් නිරෝධානය වෙමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles