නිරෝධායන මධ්‍යස්ථානයකින් පළා යමින් සිටි අයකු නැවතත් නිරෝධායන මධ්‍යස්ථානයට


අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද (18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක ඔහු පිළිබදව පොලීසිය දැනුම්වත් කර තිබිණ. ඒ අනුව මෙම පුද්ගලයා පොලිස් බාරයට ගෙන යළිත් එම නිරෝධායන මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ.

අනීෂා මානගේ



Recommended Articles