නිරෝධායන නීති කැඩු 277 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත්  බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles