නිරෝධායන නීති කැඩු 1281 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මින් වැඩි පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස දැක්වෙන්නේ 136ක් ලෙසටයි.

ඒ අනුව නිරෝධායන නීතිය කළ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් මුළු පිරිස 39,592ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.



Recommended Articles