නිරෝධායන නීති කඩ කළ 26ක් අත්අඩංගුවට


පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින්  26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2361 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles