නිරෝධායන නීති උල්ලංඝනය ක​ළ 1,356 දෙනෙකු අත්අඩංගුවට


පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 33,946 ක් නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles