නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ 9ක් අත්අඩංගුවට


කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

කොල්ලුපිටිය පොලීසිය ඊයේ රාත්‍රි​යේ සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles