නිරෝධායන නීති උල්ලංඝනය කර 617ක් අත්අඩංගුවට


නිරෝධායන නිති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

ඉන් 342ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගරය තුළදීය.

පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස 6,539ක්.

 



Recommended Articles