නිරෝධායන නීති උල්ලංඝනය කර 306ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 306 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 9,588 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බස්නාහිර පළාතට ඇතුලු වන සහ පිට වන ස්ථාන 12 කදී ඊයේ දිනයේදී පොලීසිය සහ යුධ හමුදාව වාහන 1,826 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී රථවාහන 42 කින් පැමිණි පුද්ගලයින් 92 කට ආසන්න පිරිසක් පළාත් මායිම් අසලදී ආපසු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
 

 



Recommended Articles