නිරෝධායන නීති උල්ලංඝනය කර 148ක් අත්අඩංගුවට


දිවයින පුරා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900කි.

 



Recommended Articles