නිරෝධායන නීති උල්ලංඝණය කළ 19ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයන් 19ක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

පසුගිය ඔක්තෝබර් 20 දා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 342ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles