නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 1083ක් අත්අඩංගුවට


ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසා සිටියි.

ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා අදාළ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 66730ක් වෙයි.

ගත වූ පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගත් 1083 දෙනෙකු සමග වාහන 191ක් ද පොලිස් භාරයට ගෙන ඇත.



Recommended Articles