නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 10ක් අත්අඩංගුවට


ප්‍රදේශ තුනකට ඊයේ (04දා) සිට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 10ක් අත්ඩංගුවට ගෙන තිබේ.

දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන ප්‍ර දේශවලට නිරෝධායන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කළේය.

ඒ අනුව එම ප්‍ර දේශවලට පැමිණීම, පිටවීම හා එම ප්‍ර දේශ හරහා ගමන් කිරීම තහනම් බව පොලීසිය සඳහන් කළේය.

 



Recommended Articles