නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකර​න ලෙස දැඩි උපදෙස්


අද (20)  රාත්‍රී .0.00 සිට අ​ගෝස්තු මස  30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන  නි​රෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිඳති ගෝඨාභය රාජපක්​ෂ  තී​රණය ක​රයි.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා ​නොගත් සියලු ​දෙනාට එන්නත ලබාදීම ඉලක්ක ක​රමින් ​මෙම තීරණයට එළැඹි අතර , සැප්තැම්බර් 01. දාට පෙ​ර  ඔවුන් එන්නත්ක​ර  අවසන් කිරීමට ජනාධිපති උපදෙස් දී තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් හා ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවිසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා හා ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇ​ත.

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා විසින් පොලිස්පති වෙත උපදෙස් දී තිබේ.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇත.



Recommended Articles