නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කර 705ක් අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මෙලෙස අත්අඩංගුවට පත්වන පිරිස දිනෙන් දින ඉහළ ගිය අතර මීට පෙර එම සංඛ්‍යාව වාර්තා වූයේ පුද්ගලයින් 639ක් ලෙසය. 

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414කි.

 



Recommended Articles