නිරෝධායන ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ’’සිසු සැරිය’’ ක්‍රියාත්මකයි


උසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ''සිසු සැරිය'' මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එමෙන් ම ඇදිරි නීතිය පනවා තිබෙන ගමනාන්ත සඳහා සියලු ප්‍රවාහන වාර නවතා දමා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේපිට කාර්යාලය ද වසා දමා ඇති බව ද ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල කටයුතු සෞඛ්‍ය උපදෙස් යටතේ පවත්වාගෙන යන බවද පැවසීය.



Recommended Articles