නිරිත දිග මෝසම් වැසි තත්ත්වය තවදුරටත්


දිවයිනේ නිරිතදිග  කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කෙරේ.

බස්නාහිර ,වයඹ , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු , උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මි 40 _50 දක්වා වැඩි විය හැක.

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.



Recommended Articles