නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිතයි


නිරත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත ව ඇති බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේ හා අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රියේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තේම්න්තුව දන්වා සිටියි.

 



Recommended Articles