නිරිත දිග කොටසට වැස්සේ වැඩිවීමක්


දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්  අද (28දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles