නියමිත ගාස්තුවට වඩා අය කරන බස් රථ බලපත්‍ර අහොසි කිරීමට පියවර


නියමිත ගාස්තුවට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහොසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955  වෙත දැනුම් දෙන ලෙසත්,  ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ  සභාපති ශෂී වෙල්ගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් අද (05) සිට බස් ගාස්තු වැඩිකිරීමට පියවර ගනු ලැබීය.

 



Recommended Articles