අද ජනාධිපතිවරණයක් පිළිබද අනවශ්‍ය උණුසුමක් රට තුළ ඇති කර තිබෙන බවත් ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබාදෙන බවට ඇතැමුන් ප‍්‍රකාශ නිකුත් කළත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවත් එසේ පවත්වනවා නම් ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (08දා) පෙරවරුවේ නිවිතිගල මහජන පොළ භූමියේ පැවති නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.
පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවත් තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බවද ජනපතිවරයා සඳහන් කළේය.
පුද්ගලයින් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.