නිදහස් ජනතා සන්ධානය හා පිවිතුරු හෙළ උරුමය අතර සාකච්ඡා


ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි. 

නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී නිදහස් ජනතා සංධානය වෙනුවෙන් සාකඡාවට එක්වු අතර පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක ධම්මික රත්මලේ, වැඩබලන ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, පාරිසරික ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලින පීරිස්, නීති ලේකම් භූපති කහතුඩුව, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, ප්‍රචාරක ලේකම් අංජන උදාර යන මහත්වරුන් සහභාගී විය.



Recommended Articles